Goals Of The School

පාසල් අරමුණු

  1.  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවා සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතය 20% ඉක්මවා වර්ධනය කිරීම හා එය අඛණ්ඩව පවත්වාගෙන යෑම.
  2.  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100 ඉක්මවා ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතය 80% ඉක්මවා වර්ධනය කිරීම හා එය අඛණ්ඩව පවත්වාගෙන යෑම.
  3.  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 00 – 50 අතර ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 00 බවට පත් කිරීම හා එය අඛණ්ඩව පවත්වාගෙන යෑම.
  4.  අඩු සාක්ෂරතා මට්ටමක් සහිත ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතය 00% බවට පත් කිරීම.
  5.  විධිමත්, අවිධිමත් හා සැඟවුනු විෂයමාලා ඉතා නිවැරදිව හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් සැමට සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම.
  6.  එක් එක් අවධීන්ට අදාළ අත්‍යාවශ්‍ය නිපුණතා සියලු සිසුන් තුළ ඉතා නිවැරදිව වර්ධනය කිරීමට කටයුතු කිරීම.
  7.  සිසු නිර්මාණශීලීත්වය හා දක්ෂතාවන් නිවැරදිව සංවර්ධනය වීමට වැඩි අවස්ථාවන් ලැබෙන සේ සියලු විෂය සමගාමී කටයුතු සියලු සිසුන්ට සාධාරණ වන සේ විධිමත් ලෙස වසර පුරා ක්‍රියාත්මක කිරීම.
  8.  ඩෙස් හා පුටු ඇතුළු අනෙකුත් සියලු භෞතික සම්පත් සියලු සිසුන්ට කිසිදු අඩුවකින් තොරව ලබා දී, නවීන තාක්ෂණයේ යහපත් ප්‍රයෝජන උපරිම මට්ටමක භාවිත වන ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගීම.
  9.  පාසල්-ප්‍රජා සබඳතා ඉතා උසස් මට්ටමක පවත්වාගෙන යන කීර්තිමත් විද්‍යාලයක් බවට පත්වීම.
  10.  “අපේ පාසල කොතරම් ගුණාත්මක ද” – පාසල් ගුණාත්මක සංවර්ධන වැඩසටහන ඉතා නිවැරදිව ක්‍රියාත්මක කරමින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම ගුණාත්මක පාසල බවට පත්වීම.
  1.  To increase the percentage more than 20% , of the pupils who will get through the grade 5 scholarship examination
  2.  To increase the percentage more than 80% of the pupils who obtain the marks more than 100 from the above examination.
  3.  To minimized the number of pupils who get marks between 0-50, up to 0. In
  4.  To minimized the number of pupils who have got low literacy, up to 0
  5.  To give equal opportunity of quality education to each and every child, by implementing formal, informal and hidden curriculum properly.
  6.  To develop all relevant competencies in is stage
  7.  To implement all the co-curricular and extracurricular activities properly, throughout the year, by giving equal opperchunity to every child.
  8.  To complete all physical resources, using the modern technology also.
  9.  To maintain a good school/ community relationship throughout the year.
  10.  To become most exquisite school in Elpitiya education zone, by implementing the quality school program well.